රුසියානු නෞකා 2ක් කොළඹ වරායට සේන්දු වෙයි

Share

රුසියානු නාවික හමුදාවට අයත් ‘යරොස්ලව් මඩ්රි’ (Yaroslav Mudry) සහ ‘වික්ටර් කොනෙට්ස්කි’ (Victor Konetsky) යන නෞකාවන් දෙකක් ඊයේ (04) කොළඹ වරායට ‍සේන්දු විය.

 

තෙදින සුහද සංචාරයක් සඳහා පැමිණි මෙම නෞකාවන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව පිළිගන්නා ලදී.

මෙම යුධ නෞකාවන්, දිව‍යිනේ රැදී සිටින කාල සීමාව තුළදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන සංස්කෘතික වැඩසටහන්, ශ්‍රී ලංකාවේ වැදගත් ස්ථානයන්හි සිදු කරනු ලබන සංචාරයන් ඇතුළු වැඩසටහන් කිහිපයක් සඳහා එහි නැව් මුළුව සහභාගී වීමට නියමිතව ඇත.

මෙම නෞකාවන් සිය තෙදින සංචාරය නිමා කිරීමෙන් අනතුරුව හෙට (06) දින දිවයිනෙන් පිටත්වීමට නියමිතයි.

Read more

Local News