තැන් කීපයකට අද සවස් කාලයේ වැසි

Share

මධ්‍යම පළාතේ සහ රත්නපුර, ගාල්ල, මාතර, හම්බන්තොට හා මොණරාගල දිස්ත්‍රික්කවල ස්ථාන කිපයක අද (05) සවස 2.00 පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල උදෑසන මීදුම් සහිත තත්ත්වයක් දැක ගත හැකියි.

Read more

Local News