නව ජලය ලබාදීමේ මූලික ගෙවීම අඩු කෙරේ

Share

නව ජලය ලබාදීමේදී අයකරන මූලික ගාස්තුව රුපියල් 8000 සිට රුපියල් 2500ක් දක්වා අඩු කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

 

නව ජල සමබඳතාවක් ගැනීමේදී රුපියල් 20000ක මුදලක් ගෙවිය යුතු අතර එහිදී පළමු වාරිකය ලෙස රුපියල් 8000ක් ගෙවීමට සිදුවිය. ඉතිරි මුදල වර්ෂයක් තුළ වාරික වශයෙන් ගෙවිය යුතුව තිබුණි.

කෙසේවෙතත් මූලිකව ගෙවිය යුතු මුදල රුපියල් 2500ක් දක්වා අඩුකර ඉතිරි රුපියල් 17500ක මුදල වර්ෂයක් තුළ වාරික වශයෙන් ගෙවා දැමීමට මේ හරහා පාරිභෝගිකයන්ට අවස්ථාව තිබේ.

මීට අමතර වර්ෂකයට නව ජල සබඳතා 110000ක් පමණ ලබාදෙන අතර එය 150000ක් දක්වා වැඩිකිරීමටද කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read more

Local News