පිළිමයක් සමඟ නිධන් හෑරූ 2ක් අත්අඩංගුවට

Share

හෙම්මාතගම පොලිස් වසමට අයත් අරකොටවැල්ල ප්‍රදේශයේ නිවසක් පිටුපස නිධන් වස්තු ලබා ගැනීම සඳහා කැණීම් කළ දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 

සරස්වතී පිළිරුවට සමාන රන් පැහැති පිළිමයක් ද සමඟ ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 36 හා 46 වයස්වල පසුවන වේරගොඩ, ගල්නෑව ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙයි.

සැකකරුවන් අද (05) මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

හෙම්මාතගම පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශව සිදුකරයි.

Read more

Local News