ජාත්‍යන්තර කාන්තා දිනය අද

Share

ජාත්‍යන්තර කාන්තා දිනය අදට (8) යෙදී ඇත.

 

1908 වසරේදී වැඩ කරන පැය ගණන සීමා කිරිම ඇතුළු ඉල්ලීම් කිහිපයක් වෙනුවෙන් අමෙරිකාවේ නිව්යෝර්ක්නුවරදී පැවැති පා ගමනකින් පසු පළමු වරට ජාතික කාන්තා දිනයක් ප්‍රකාශයට පත් කෙරුණි.

අනතුරුව එය ජාත්‍යන්තර කාන්තා දිනයක් බවට පත් වූ අතර 1975 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය ද එය නිල වශයෙන් පිලිගනු ලැබුවේය.

ඇතැම් රටවල ජාතික නිවාඩු දිනයක් ලෙස ද අද දිනය නම් කර ඇති අතර කාන්තාවන් වෙනුවෙන් විවිධ වැඩසටහන් සංවිධානය කර ඇත.

කාන්තාවන් ලෝක ආර්ථිකයට සුවිශේෂි දායකත්වයක් දක්වන අතර මෙරට ප්‍රධාන ආදායම් මාර්ග වන විදේශ රැකියා, තේ සහ ඇගළුම් කර්මාන්තවල නිරත වන්නන් වැඩි පිරිසක් කාන්තාවන් ය.

Read more

Local News