යහපාලන රජය විසින් ජනතාවට සහන සැලසීම සඳහා පැවති ඉන්ධන මිළ සූත්‍රය මේවන තෙක් ක්‍රියාත්මක වූයේ නම් සෑම ඉන්ධන වර්ගයකම මිළ අවම වශයෙන් රුපියල් 20කින් අඩු කිරීමට හැකියාවක් තිබිණු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසයි.
ඒ හරහා බස් ගාස්තු හා ත්‍රීවීල් ගාස්තු ද අඩුකර ජනතාවට සහන ලබාදී ජීවන වියදම් අඩු කිරීමට තිබු බව ද ඒ මහතා පැවසීය.
ලෝක වෙළඳපොලේ මිල ගණන් සංසන්දනය කරමින් මෙරට පාරිභෝගිකයාට උපරිම වාසියක් අත්වන පරිදි මිල සුත්‍රයට අනුව සෑම මාසයකම 10 වනදා ඉන්ධන මිල ප්‍රකාශයට පත්කරනු ලැබිය.
ජාත්‍යන්තර වෙළඳපොලේ තෙල්මිල අඩුවන විට එහි වාසිය පාරිභෝගික ජනතාවට ලබා දෙන බවට තෙල් මිල සූත්‍රය හඳුන්වාදෙමින් එවකට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පොරොන්දු වී තිබිණි.
ඒ වගේම තවත් අත්‍යාවශ්‍ය භාණ්ඩයක් වන ගෘහස්ථ ගෑස් සඳහා ද යහපාලන රජය විසින් මිල සූත්‍රයක් හඳුන්වාදීමේ ප්‍රතිපලයක් ලෙස 2015 දී රු 2000 ට වඩාවැඩි මුදලකට විකුණු 12.5 කිලෝ ග්‍රෑමයක ගෑස් සිලින්ඩරයක මිල අද වන විට රු 1500 දක්වා අඩු කර තිබේ.
ඒ අනුව සින්ගප්පූරු වෙළඳ පොලේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 65 ක් ව තිබියදී 2019 සැප්තැම්බර් මස අවසන් වරට මිල සූත්‍රය අනුව තෙල් මිල පහත පරිදි සංශෝධනය කරන ලද අතර එය 2019 සැප්තැම්බර් මස ට සාපේක්ෂව 2020 මාර්තු වන විට තිබිය යුතු තෙල් මිල,
ඉන්ධන වර්ගය පැවති මිල රු. 2019 සැප්10 දා සංශෝධිත මිල රු 2020 මාර්තුවේ වෙනස් කළ යුතු ව තිබූ මිල රු
ඔක්ටේන් 92 පෙට්‍රල් 138/- 137/- 117/-
ඔක්ටේන් 95 පෙට්‍රල් 163/- 161/- 141/-
ඔටෝ ඩීසල් 104/- 104/- 84/-
සුපිරි ඩීසල් 134/- 132/- 112/-
අද වන විට එනම් 2020 මාර්තු මස 07 වනදා වන විට ලෝක වෙලඳ පොලේ බොරතෙල් මිල 30 % ටත් වඩා අඩු ප්‍රමාණයකින් අඩු වී ඇත.
2019 සැප්තැම්බෙර් මස ඇ.ඩො. 65 සිට අද වන විට ඇ.ඩො 45 දක්වා බ්‍රෙන්ට් වර්ගයේ තෙල් බැරලයක මිල බෙහෙවින් අඩු වී ඇත.
ඒ අනුව 2019 මෙම රජය ජනතාවට සහන දීම පිළිබඳව සැබෑ ලෙසම උනන්දුවක් දක්වන්නේ නම් 2019 සැප්තැම්බර් 10 ට සාපේක්ෂව 2020 මාර්තු වන විට පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල රු 20 කින් අඩු කිරීමට අවස්තාව තිබේ.
මෙමගින් බස් ගාස්තු සහ ත්‍රී වීල් ගාස්තු ද අඩු කර ජීවන වියදම් අඩු කර එලවලු සහ සහල් ඇතුළු අත්‍යාවශ්ය භාණ්ඩ මිල වැඩිවීම නිසා ජීවන බරින් මිරි කී සිටින ජනතාවට සහන ලබාදීමට හැකිව තිබුණි.
පොහොට්ටු රජයේ සහන මල්ල අපේක්ෂාවෙන් සිට අපේක්ෂාබන්ගත්වයට පත්වූ ජනතාවටත් තෙල් මිල අඩු කිරීමෙන් සහනයක් ලබා දිය හැකිය.
මේ රජය ජනතාවට සහන ලබාදීමට කිසිඳු ආකාරයකින් කටයුතු නොකරන බව ඉන්ධන මිල සහනය ජනතාවට ලබා නොදිමෙන්ම පැහැදිලිවන බව මංගල සමරවීර මහතා වැඩිදුරටත් කියා සිටියේය.



