මීගමුව පොලිස් වසමේ පෙරියමුල්ල ප්‍රදේශයේ පිහිටි හෝටලයක දී ඇති වු ආරවුලට සම්බන්ධ අවශ්‍ය සිටි සැකකරුවන් 6 දෙනා පොලීසියට බාර වී තිබේ.
අද (10) දින දහවල් කාලයේ දී නීතිඥයෙකු මාර්ගයෙන් මීගමුව පොලිස් ස්ථානයට මොවුන් බාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් මීගමුව පොලීසිය විසින් සිදුකර ඇති විමර්ශන අනුව අද උදෑසන වයස අවුරුදු 18 ක් වු පෙරියමුල්ල, මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් අත්අඩංගුවට ගනු ලැබීය.
ඒ අනුව මෙම සිදුවීමට සම්බන්ධ සැකකරුවන් 7 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
සැකකරුවන් හෙට (11) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඊයේ(09) රාත්‍රී 9.30ට පමණ මීගමුව පොලිස් වසමේ පෙරියමුල්ල ප්‍රදේශයේ පිහිටි හෝටලයකට පැමිණි පිරිසක් අතර ඇති වු ගැටුමක් හේතුවෙන් පුද්ගලයෙක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් විය.
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 36 ක් වු ගනේවැල්පොල, කැකිරාව ලිපිනයේ පදිංචිකරුවෙකි.



