ඉමදුවේ දී බස් රථයකට යට වී කාන්තාවක් ජීවිතක්ෂයට

Share

ඉමදුව පොලිස් වසමේ ඉමදුම නගරයේ බස්නැවතුම්පල අසල දී සිදුවු රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

අද (10) උදෑසන 11.15 ට පමණ ඉමදුම නගරයේ බස්නැවතුම්පල අසල දී පුද්ගලික බස් රථයකට නැගීමට ගිය කාන්තාවක් එම බස් රථයටම යටවී එම ස්ථානයේ දීම මියගොස් ඇති බව පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 69 ක් වු බඹරකොටුව, අඟුළුගහ ප්‍රදේශයේ පදිංචිකාරියක්.

 

මෘත ශරීරය කරාපිටිය රෝහලේ තැන්පත් කර ඇත.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඉමදූව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read more

Local News