මැදවච්චිය පොලිස් වසමේ තුලාවෙල්ලිය ප්රදේශයේ දී රණවරා මල් කැඩීම සඳහා කැලයට ගොස් සිටි කාන්තාවකට වන අලි ප්රහාරයක් එල්ල වී ඇත.
ඇය සිය සැමියා සමඟ ඊයේ (09) උදෑසන රණවරා මල් කැඩීම සඳහා කැලයට ගොස් ඇති අතර එහිදී මෙම වන අලි ප්රහාරය එල්ල වී තිබේ.
වන අලි පහර දීමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 55 ක් වු පරසන්ගස්වැව ලිපිනයේ පදිංචිකාරියෙකි.



