යහපත විසින් අයහපත පරදවන හෝලි සැණකෙළිය මෙවරත්

Share

යහපත විසින් අයහපත පැරදවීම සමරනු ලබන හෝලි සැණකෙළි සමයේදී පැවැත්වෙන හෝලීකා ධහාන් උත්සවය පිළිබද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

 

සුරයන් විසින් නපුර පැරදවීම සිහිපත්කිරීමේ හෝලි සැණකෙළිය ඉන්දියාව පුරා මහත් හරසරින් යුතුව සමරනු ලබයි.

දිවා කාලයේදී වර්ණවත් කුඩුවලින් එකිනෙකා වෙත දමා ගසාගන්නා, හින්දු බැතිමතුන් අනතුරුව රාත්‍රී කාලයේදීත් හෝලි සමය උත්සවාකාරයෙන් සමරන්නේ සිය පවුල්වල සාමාජිකයින් සමඟින්.

සැණකෙළිය අතරතුර තෝරාගත් ස්ථානයක ගිනි දැල්වීම් සිදුකරමින් ඒ වටා නර්තන ඉදිරිපත් කිරීමට ඉන්දියානු හින්දු බැතිමතුන් මෙහිදී කටයුතු කරනු ලබයි.

Read more

Local News