ඉතාලියේ පැය 24ක් තුළ කොරෝනා මරණ 168ක් වාර්තා වෙයි

Share

දකුණු කොරියාව, ඉරානය සහ ඉතාලිය යන රටවලින් පැමිණි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට පියවර ගෙන තිබේ.

 

දකුණු කොරියාව, ඉරානය සහ ඉතාලියේ සිට මෙරටට පැමිණි 171 දෙනෙකු නිරෝධායන කෙරෙන මුල්ම කණ්ඩායම ලෙස කන්දකාඩු සහ මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය වෙත යොමුකිරීමට පියවර ගත්තේය.

මේ අතර එක්සත් අරාබි එමිර් රාජ්‍යයෙන් තවත් කොරෝනා ආසාදිතයින් 15 දෙනෙකු ඊයේ (10) හදුනාගෙන තිබූ අතර ඔවුන් අතර ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කරගෙන තිබුණි.

ඉතාලියේ දිනක් තුළ වාර්තාවූ වැඩිම මරණ සංඛ්‍යාව ගතවූ පැය 24 තුළදී වාර්තා වූ අතර එම සංඛ්‍යාව 168කි.

මේ සමඟ සමස්ත පුද්ගල මරණ සංඛ්‍යාව 631ක දක්වා ඉහළ ගොස් ඇති අතර ආසාදිතයන් ගණන දස දහස ඉක්මවා තිබේ.

මේ වන විට ලොව පුරා රටවල් 113 ක පැතිරී ඇති නව කොරෝනා වෛරසයේ ආසාදිතයින් ගණන එක් ලක්ෂ දහ අට දහස ඉක්මවයි. සිදුව ඇති සමස්ත මරණ ගණන 4295කි.

Read more

Local News