බෝක්කුවක් යට තිබී පිළිස්සුණු මළ සිරුරක් හමුවෙයි

Share

පුත්තලම – මන්නාරම මාර්ගයේ තම්බපණ්නි වතු යායට ආසන්යෙන් ඇති බෝක්කුවක් යට තිබී පිළිස්සුණු පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.

 

අද (11) පෙරවරුවේ පුත්තලම පොලීසියට ලද තොරතුරක් අනුව මෙම මළ සිරුර සොයා ගෙන ඇත.

වෙනත් ස්ථානයක ඝාතනය කර මළ සිරුර වාහනයකින් මෙම ස්ථානයට ගෙන විත් දමා කිසියම් ඉන්ධන වර්ගයක් භාවිතා කරමින් ගිනි තැබීම සිදු කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

Read more

Local News