ප්‍රමාණවත් තරම් බඩ ඉරිඟු තොග තිබියදී කෘත්‍රීම බඩ ඉරිඟු හිඟයක් නිර්මාණය කිරීමේ උත්සාහය පිළිබඳව වහා පරීක්ෂණයක් කරන්නැයි ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා පාරිභෝගික සේවා අධිකාරියට උපදෙස් ලබා දී ඇත.
බඩ ඉරිඟු වෙළෙඳාමෙන් අසාධාරණ ලාභ උපයන අතරමැදියන් මේ ප්රයත්නය පිටුපස සිටින බව හෙළි වී ඇති බවත් ඔවුන්ගේ අරමුණ නැති හිඟයක් නිර්මාණය කොට ළඟ එන උත්සව සමයේ කුකුළු මස් මිල ඉහළ දැමීම බවට තොරතුරු ලැබී ඇති බවත් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ගොවියාත්, පාරිභෝගිකයාත් රැක ගැනීම සඳහා මේ කූඨ ප්රයත්නය පරාජය කළ යුතු බව ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් අද (11) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී අවධාරණය කර ඇත.
බඩ ඉරිඟු ගොවි සංගම් නියෝජිතයෝ හාකෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීහු ඊට එක්ව සිටියහ.
ළඟ එන උත්සව සමයේ දී කුකුළු මස් කිලෝවක උපරිම මිල රුපියල් 430ක මට්ටමේ පවත්වා ගැනීමට
ද රජය තීරණය කර ඇත.