කොබෙයිගනේ පොලිස් වසමේ නුගවෙල, විතිකුලිය මාර්ගයේ කට්ටාපිටිය, කඩුක්කන් ඇළ අසල දී කොබෙයිගනේ පොලිස් නිලධාරීන් විසින් හෙරොයින් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
අද (11) උදෑසන 10.35 ට පමණ පොලිස් නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත.
මෝටර් රථයකින් හෙරොයින් ග්රෑම් 84 යි මිලිග්රෑම් 820 ක් ප්රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු හෙරොයින් ඡාවාරමෙන් උපයා ගන්නා ලද බවට සැක කරන මුදල් රුපියල් 84,500 ක් සමඟ අත්අඩංගුවට පත්ව ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 29 ක් 33 ක් පමණ වන වාරියපොල ප්රදේශයේ පදිංචිකරුවන් වෙයි.
සැකකරුවන් අද නිකවැරටිය මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර 2020.03.23 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.



