සිසුන්ගේ සාධන මට්ටම හඳුනා ගැනීමට පාසල් සාධන දර්ශකයක්

Share

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් “ස්ටැනයින් පරිමාණය (Stanine Scale) පදනම් කර ගනිමින් සකස් කරන ලද පාසල් සාධන දර්ශකය අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ සංකල්පයක් අනුව අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිරත සියලු ම දෙනාට එක් එක් පාසල්වල සාධන මට්ටම දිස්ත්‍රික් මට්ටමින් හා දීප ව්‍යාප්ත මට්ටමින් විග්‍රහ කර ගැනීමට හැකි වන පරිදි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ පළ කිරීමට තීරණය කර ඇත.

 

මේ වනවිට අ.පො.ස.(උ.පෙළ) 2019 විභාගයට අදාළ පාසල් සාධන දර්ශකය ඉහත වෙබ් අඩවියේ පළ කර ඇත.

එක් එක් වර්ෂවල අ.පො.ස. (උ.පෙළ) විභාගය, අ.පො.ස. (සා.පෙළ) විභාගය හා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන්ගේ සාධන මට්ටම විශ්‍ලේෂණාත්මකව හඳුනාගැනීමට මෙම සාධන දර්ශකය ඇසුරින් අවස්ථාව සැලසේ.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ පර්යේෂකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින්, විෂයමාලා සම්පාදකයින්, පෙළ පොත් කතුවරුන්, ගුරුවරුන් ඇතුළු සියලු ක්ෂේත්‍රයන්හි විද්වතුන්ට මෙම දර්ශකය උපයෝගී කර ගැනීමෙන් මෙරට විභාග පද්ධතිය තුළ එක් එක් විභාග සඳහා සිසුන් දක්වන ප්‍රතිචාර සහ ඔවුන්ගේ ඉගෙනුම් හැකියාවන් විභාග හරහා පෙන්නුම් කරන ආකාරය හඳුනා ගැනීමට හැකිවනු ඇත.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk නිල වෙබ් අඩවියෙන් මෙම පාසල් සාධන දර්ශකය පිළිබඳ වැඩිදුරටත් තොරතුරු ලබා ගත හැක.

Read more

Local News