කොරෝනා ව්‍යාප්තිය වසංගත තත්ත්වයක් ලෙස ප්‍රකාශ කෙරේ

Share

කොරෝනා වෛරස් ව්‍යාප්තිය වසංගත තත්ත්වයක් ලෙස නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කර ඇත.

 

මේ වනවිට ලොවපුරා කොරෝනා ආසාදිතයින් ගණන එක් ලක්ෂ දහනව දහස ඉක්මවා ඇති අතර සමස්ත මරණ ගණන 4300 දක්වා ඉහළ ගොස් තිබේ.

වෛරසය ආසාදිත වූ ඉතාලියේ සිටින ශ්‍රී ලාංකික කාන්තාව මේ වනවිට සුවය ලබමින් සිටින නමුත් ඇයට රෝහලෙන් පිටව යාමට තවමත් අවසර හිමිවී නැති බව වාර්තා වේ.

මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කොරෝනා වැළඳුණු ශ්‍රී ලාංකිකයින් දෙදෙනා මේ වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බව ද සඳහන්.

Read more

Local News