මැතිවරණයේ නාම යෝජනා බාර ගන්නා කාලය තුළ විශේෂ පොලිස් ආරක්ෂාවක්

Share

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජනා බාර ගන්නා කාලය තුළ විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දීමට කටයුතු කර තිබේ.

 

ඒ අනුව 2020.04.25 වන දින පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජනා අද (12) සිට එළඹෙන 2020.03.19 වන දින දහවල් 12.00 දක්වා දිවයිනේ පිහිටි දිස්ත්‍රික් ලේකම් කාර්යාල 22 ක දී සිදු කිරීමට නියමිතයි.

එම නාම යෝජනා බර ගන්නා ස්ථානයන් හි මහජනයා හැසිරවීමට, රථ වාහන පාලනයට විශේෂ ආරක්ෂක වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මැතිවරණ නීති උල්ලංඝනය කරනු ලබන පුද්ගලයින් සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමටත් වැඩබලන පොලිස්පතිවරයා විසින් කොට්ඨාස බාර නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇති බවද ද එම නිවේදනයේ සඳහන් වෙයි.

Read more

Local News