කොරෝනා ආසාදිත පුද්ගලයින් දෙදෙනා ඇසුරු කළ අය සොයා විමර්ශන

Share

කොරෝනා ආසාදිත පුද්ගලයින් දෙදෙනා ඇසුරු කළ පුද්ගලයින් සම්බන්ධයෙන් මේ වනවිට පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

එහි මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය සඳහන් කළේ, ඒ පිළිබඳව යුද හමුදාව හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් මාර්ගයෙන් තොරතුරු ලබා ගන්නා බවයි.

ඔවුන් රැඳී සිටි හෝටල් ඇතුළු ආයතන කිහිපයක් සම්බන්ධයෙන් අවශ්‍ය නිරෝධායන කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව ද ඇය සඳහන් කළාය.

Read more

Local News