දිවයින පුරා සියලු ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සහ ගුරු විද්‍යාල සඳහා මාර්තු 16 වැනි සඳුදා දින සිට මාර්තු 29 තෙක් සති දෙකක් නිවාඩු ලබාදීමට තීරණය කර තිබේ.
ඒ අනුව නැවත මෙම ආයතනයන්හි අධ්‍යයන කටයුතු මාර්තු මස 30 දින සිට ආරම්භ කරනු ලැබේ.
ලොව පුරා පැතිර යන කොරෝනා රෝග තත්ත්වය හමුවේ සිසුන් සහ අනෙකුත් ප්‍රජාවගේ සෞඛ්‍යාරක්ෂාව කෙරෙහි පූර්ණ අවධානය යොමු කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව, මෙම කාල පරිච්ඡේදය තුළ සෙනඟ ගැවසෙන ස්ථාන හැකිතාක් මඟ හරිමින්, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දී ඇති සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධ විශේෂ උපදෙස් පිළිපදිමින්, අනිසි බියක් ඇති කරගැනීම වෙනුවට වඩාත් ආරක්ෂාකාරී ව සහ වගකීම් සහගත ව කටයුතු කරන ලෙස ද අධ්‍යාපන අමාත්‍යාංශය අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිරත සියල්ලන් වෙත අවධාරණය කර සිටියි.



