රවී කරුණානායක අධිකරණයෙන් පිටව යයි

Share

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර සිටි එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා මීට සුළු මොහොතකට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රෙයන් පිටව ගොස් ඇත.

 

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර සිටි එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (13) පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණියේය.

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු සැකකරුවන්ට අද පස්වරු 4.00 ට පෙර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළේය.

එසේ අධිකරණය හමුවේ ඉදිරිපත් වන සැකකරුවන් සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් නිකුත් නොකරන ලෙසද අභියාචනාධිකරණය විසින් කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත නියෝග කරනු ලැබුවේය.

Read more

Local News