උතුරු පළාතේ හැර දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල පවතින කාලගුණ තත්ත්වයේ තරමක වෙනසක් හෙට (16) සිට 18 දක්වා දින වලදී බලාපොරොත්තු හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අද (15) දිනයේදී බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයකප.ව. 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල අද රාත්‍රී කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැක.
දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිතකාලගුණ තත්ත්වය තවදුරටත් පවතී.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.



