වැලිකන්ද ඉසෙඩ් ඩී ඇල මාර්ගයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් ඇත.
යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව ඇල මාර්ගයේ යකඩ කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.
අනතුරෙන් බරපතල තුවාල ලැබු පැදිකරු වැලිකන්ද රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ වැලිකන්ද ප්රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි තරුණයෙක්.
වැලිකන්ද පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.



