වෛද්‍යවරයෙකු සතු දේපළ සොරකම් කිරීමක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශය විසින් කොට්ටාව සහ මීගොඩ යන ප්‍රදේශවලදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.
පසුගියදා හංවැල්ල ප්‍රදේශයේ කුමාරි ඇල්ලේ දියනෑමට පැමිණි වෛද්‍යවරයෙකු සතු මෝටර් රථයක් තුළ තිබී රන් භාණ්ඩ සහ වෛද්‍ය උපකරණ සොරාගැනීමක් සම්බන්ධයෙන් සැකකරුවන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබුණි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකරුවන් සතුව තිබී සොරාගත් ජංගම දුරකථන 05ක්, ඩිජිටල් රුධිර පීඩන මානයක්, වෛද්‍ය නලාව ඇතුළු උපකරණ සොයාගෙන ඇත.
සැකකරුවන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



