අද කාලගුණය මෙන්න

Share

දිවයිනේ දකුණු අර්ධයේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අද (16) දින සිට ඉදිරි දින කීපයේ විශේෂයෙන් සවස් කාලයේ දී පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු හා වයඹ පළාත්වල සවස 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි.

ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකියි.

උතුරු මැද පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලි මීටර 50ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකියි.

ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි අවස්ථාවල තාවකාලික තද සුළං ද ඇති වෙයි.

Read more

Local News