අද රජයේ නිවාඩු දිනයක් – සෞඛ්‍ය අංශ වැඩ

Share

කොරොනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරිමේ එක් පියවරක් ලෙස අද (16) දිනය රජයේ නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත් කර තිබේ.

 

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් අදාළ දැනුම් දීම සිදුකර ඇති අතර මෙම නිවාඩුව පෞද්ගලික අංශය වෙත ලබා දෙන ලෙස ද එම අමාත්‍යාංශය ඉල්ලීමක් කර ඇති බව සඳහන්.

ඒ අනුව රාජ්‍ය ආයතන බැංකු සහ වෙළඳ නිවාඩුවක් ලෙස අද දිනය ප්‍රකාශයට පත් කර ඇති බව විෂය භාර අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් අද රජයේ නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත් කර තිබුනද සෞඛ්‍ය අංශ සඳහා එය වලංගු නොවන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශ ලේකම් භද්‍රානී ජයවර්ධන මහත්මිය පවසයි.

කොරෝනා වෛරසය හේතුවෙන් සෞඛ්‍ය සේවාවට අයත් සියලු සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය බැවින් මෙම පියවර ගත් බව සෞඛ්‍ය ලේකම්වරිය සඳහන් කළේය.

Read more

Local News