රිය අනතුරකින් කාන්තාවක් ජිවිතක්ෂයට

Share

හොරණ, පාදුක්ක මාර්ගයේ මොරගහහේන ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තිබේ.

 

පාදුක්ක දෙසට ධාවනය වු ලොරි රථයක් පදික මාරුව මතින් මාර්ගය හරහා ගමන් කළ කාන්තාවකගේ ගැටී අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

අනතුරින් බරපතළ තුවාල ලැබු එම කාන්තාව හොරණ රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 71 හැවිරිදි මොරගහහේන මිල්ලෑව ප්‍රදේශයේ කාන්තාවක්.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මොරගහහේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read more

Local News