අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් අක්ෂි රෝහලට පැමිණෙන්නැයි ඉල්ලීමක්

Share

කොරෝනා වෛරසය ව්‍යාප්තියේ අවධානම හේතුවෙන් අත්‍යාවශ්‍ය සේවා ලබා ගැනීම සඳහා පමණක් ජාතික අක්ෂි රෝහලට පැමිණෙන ලෙස ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂවරිය වෛද්‍ය ඩබ්.එල්.එල්.යු.සී. කුමාරතිලක මහත්මිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

 

කොරෝනා වෛරසය ව්‍යාප්තියේ අවධානම හේතුවෙන් හදිසි අනතුරු, සායනික ප්‍රතිකාර හා අත්‍යාවශ්‍ය සේවාවන් ලබාගැනීම සඳහා පමණක් ජාතික අක්ෂි රෝහලට පැමිණෙන ලෙස ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂවරිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ශ්‍රී ලංකා ජාතික අක්ෂි රෝහලට එක් දිනකට ප්‍රතිකාර හා සේවාවන් ලබාගැනීම සදහා පුද්ගලයින් 3000 ක් පමණ පැමිණෙයි.

මෙවන් ඉතා විශාල සේවාලාභීන් පිරිසක් එක් ස්ථානයකට ඒකරාශි වීම තුළ, කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවධානමක් ඇති බව ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂතුමිය පෙන්වා දෙයි.

රට තුළ මෙම වෛරසය ව්‍යාප්තිය වැළෑක්වීම උදෙසා ජනතාව විශාල වශයෙන් රැස්වන අවස්ථා හැකි උපරිමයෙන් සීමා කිරීමට රජය තීරණය කර ඇති බැවින්‍‍‍ හදිසි අනතුරු, සායනික ප්‍රතිකාර හා අත්‍යාවශ්‍ය සේවාවන් ලබාගැනීම සදහා පමණක් ජාතික අක්ෂි රෝහලට පැමිණීම ඉතා සුදුසු බවත්, අක්ෂි රෝග සඳහා ප්‍රතිකාර ලබාගැනීමට තමාට ආසන්නතම රජයේ රෝහලක අක්ෂි සායනය වෙත යොමු වන ලෙසත් ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂවරිය වෛද්‍ය ඩබ්.එල්.එල්.යු.සී. කුමාරතිලක මහත්මිය වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read more

Local News