අධ්‍යාපන අමාත්‍යාංශ මහජන දින හමුව තාවකාලිකව නතර කෙරේ

Share

අධ්‍යාපන අමාත්‍යාංශයේ මහජන දින හමුව තාවකාලිකව නතර කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය පවසයි.

 

ලොව බොහෝ රටවල පැතිර යන කොරෝනා ආසාදිත තත්ත්වයට ශී‍්‍ර ලංකාව රටක් ලෙස ඉතා සාර්ථකව මුහුණ දෙමින් සිටින මෙම අවස්ථාවේ මහජන සෞඛ්‍යාරක්‍ෂාව සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේත්, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේත් නායකත්වයෙන් සහ සෟජු මැදිහත්වීමෙන් ගෙන යන ජාතික මහජන සෞඛ්‍යාරක්‍ෂණ ක‍්‍රියාන්විතයට පූර්ණ සහයෝගය ලබා දීම, රටේ සියලූ අංශවලත් සියලූ පුරවැසියන්ගේත් වගකීම හා යුතුකම බව අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරනය කර සිටී.

මෙම කාල සීමාව තුල මහජන ඒකරාශීවීම හැකිතාක් දුරට වළක්වා ගන්නා ලෙස සෞඛ්‍ය බලධාරීන් විසින් දෙන උපදෙස් හා දැනුවත් කිරීම් මත සහ ආරක්‍ෂක අංශයන්හි ඉල්ලීම්ද සැලකිල්ලට ගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් සෑම බදාදා දිනකම අමාත්‍යාංශ පරිශ‍්‍රයේ පවත්වනු ලබන මහජන හමුව මෙම මස 18වන බදාදා නොපැවැත්වෙන බව දන්වා සිටින අතර නැවත පවත්වන දිනය පසුව දැනුම් දෙනු ලැබේ.

Read more

Local News