ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පුර්ව අනුමැතියකින් තොරව මුහුණු ආවරණ අපනයනය කිරීම හෝ ප්‍රති අපනයනය කිරීම නොකළ යුතු බවට සෞඛ්‍ය අමාත්‍යාංශය ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.
එමෙන්ම ඉවත දැමිය හැකි ශල්‍ය මුහුණු ආවරණ අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 50ක් ලෙසත් එන් 95 වර්ගයේ මුහුණු ආවරණ අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 325ක් ලෙසත් ගැසට් කර ඇත.



