මැලේසියාව සති දෙකකට වසයි

Share

මැලේසියාව සති දෙකක කාලයක් වසාදැමීමට (ලොක්ඩවුන්) කිරීමට මැලේසියා අගමැති කටයුතු කර තිබේ.

 

ඒ අනුව සියලුම ආගමික ආයතන, පාසල්, ව්‍යාපාර සහ රජයේ කාර්යාල බදාදා සිට මාර්තු 31 දක්වා වසා තබන බව අගමැතිවරයා පැවසීය.

මැලේසියානුවන්ට විදෙස් ගත වීමට ඉඩ නොදෙන බවත්, සියලුම විදේශීය සංචාරකයින් රටට ඇතුළුවීම තහනම් කරන බව ද, විදේශයන්හි සිට ආපසු පැමිණෙන සියලුම මැලේසියානුවන්ට දින 14 ක් ස්වයං නිරෝධායනය කිරීමට සිදුවන බවත් ඔහු පැවැසීය.

සති අන්තයේදී මැලේසියාවේ කොවිඩ් ආසාදිතයන් විශාල වශයෙන් වාර්තාවීමත් සමග මැලේසියාව මෙම තීණය ගෙන තිබේ.

Read more

Local News