රටේ ව්‍යාපරික කටයුතු වලට විශාල බරක් වී ඇති බැංකු හා මූල්‍ය ආයතන වලින් දී ඇති ණය අය කිරිම මාස 6 කට නතර කිරීමට තමන් අණ කරණ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
අද (17) ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශක් සිදු කරමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.
එමෙන්ම ආර්ථිකමය තවත් සහන රැසක් ලබා දීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.



