අද දවස තුළ කොරෝනා ආසාදිතයින් 15ක් හමුවෙයි

Share

නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ශ්‍රී ලාංකිකයන් 15ක් අද (17) හඳුනාගැනීමත් සමඟ මෙරට මුළු කොරෝනා ආසාදිතයන් ගණන 43 දක්වා ඉහළ ගොස් තිබේ.

 

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් විදෙස් රටවල සිට පැමිණෙන ගුවන් මගීන් ශ්‍රී ලංකාවට ඇතුළු කරගැනීම හෙට(18) මධ්‍යම රාත්‍රියේ සිට තාවකාලිකව අත්හිටුවීමට රජය පියවර ගෙන තිබේ.

ඒ අතර ඊයේ රාත්‍රියේ ප්‍රකාශයට පත්කෙරුණු විශේෂ ”රජයේ නිවාඩුව” හෙට සහ අනිද්දාත් (19) ක්‍රියාත්මකයි.

මේ වනවිට කොරෝනා ආසාදනය වී ඇතැයි සැකය මත පුද්ගලයින් 204 දෙනෙකු රෝහල්ගත කර වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

Read more

Local News