සැකකරුවන් 2ක් හෙරොයින් සමඟ අත්අඩංගුවට

Share

පෑලියගොඩ පොලිස් වසමේ දිප්පිටිගොඩ ප්‍රදේශයේ දී පෑලියගොඩ දූෂණ මර්දන අංශය විසින් හෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනෙක් ඊයේ (17) සවස අත්අඩංගුවට ගෙන තිබේ.

 

දුෂණ මර්දන නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත.

එහිදී එක් සැකකරුවෙක් ළඟ තිබී හොරොයින් ග්‍රෑම් 17 යි මිලිග්‍රෑම් 870 ක් හා රුපියල් ලක්ෂ 3 ක මුදල් ද, අනෙක් සැකකරු ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 81 යි මිලිග්‍රෑම් 590 ක් ද සොයා ගෙන ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 24 හා 22 යන වයස්වල පසුවෙන දිප්පිටිගොඩ, කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

සැකකරුවන් අද (18) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර පෑලියගොඩ දුෂණ මර්දන අංශය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News