කස මෝරුන් ‌තොගයක් සමඟ අයෙක් නාවික හමුදා බාරයට

Share

නාවික හමුදාව මීගමුව, ලෙල්ලම මාළු වෙළඳපොලේ සිදු කරන ලද හදිසි පරීක්‍ෂා කිරීමකදී නීති විරෝධී ලෙස අල්ලන ලද කස මෝරුන් (වරල් රහිත) ක්‍රිලෝග්‍රෑම් 660 කට ආසන්න ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙක් නාවික හමුදා බාරයට ගෙන ඇත.

 

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ජීවත් වන වඳ විමේ තර්ජනයට ලක්ව සිටින දුර්ලභ ගණයේ මත්ස්‍ය ‍විශේෂයන් වන මෙම කස මෝරුන් ආරක්‍ෂා කිරීම සඳහා නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් දියත් කරනු ලැබීය.

ඒ අනුව නාවික හමුදාවේ බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් මාර්තු 16 වන දින මීගමුව මාළු වෙළඳපොලේ සිදු කරන ලද හදිසි පරීක්‍ෂා කිරීමකදී නීති විරෝධී ලෙස අල්ලන ලද වරල් රහිත කස ‍මෝරු සමඟ පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද පුද්ගලයා වයස අවුරුදු 46ක් වන මීගමුව ප්‍රදේශයේම පදිංචිකරුවකු බවට හඳුනාගෙන ඇත.

එම පුද්ගලයා සහ සොයා ගන්නා ලද කස මෝරු මත්ස්‍ය ප්‍රමාණය ඉදිරි නීතීමය කටයුතු සඳහා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හරහා මීගමුව, ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කර තිබේ.

“ඇලෝපිඩේ” කුලයට අයත් මෙම කස මෝරා ධීවර හා ජලජ සම්පත් පනත යටතේ, ධීවරයින්ට හෝ විනෝදයට හා ක්‍රීඩාවක්‌ ලෙස මසුන් අල්ලන කිසිම අයෙකුට ඇල්ලීම තහනම් කර ඇත.

තවද, යම්කිසි බෝට්‌ටු හිමියකු හෝ නියමුවකු මියගිය කස මෝරකුගේ සිරුරක්‌ හෝ සිරුරක යම් කොටසක්‌ හෝ බෝට්‌ටුව තුළ තබා ගැනීම මෙන්ම වෙනත් බෝට්‌ටුවකට මාරු කිරීම, ගොඩබෑම, ගබඩා කිරීම, විකිණීම හෝ විකිණීම සඳහා ඉදිරිපත් කිරීමට ද අවසර ලබා දී නොමැත.

Read more

Local News