නව කොරෝනා වෛරසය ආසාධනය පාලනය කිරීමේ පියවරක් ලෙස කම්කරු දෙපාර්තමේන්තුව විසින් ලබා දෙන සේවාවන් මාර්තු මස 31 වන දින තෙක් අත්හිටුවා තිබේ.
කම්කරු කොමසාරිස් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් මේ බව පැවසිය.
ඒ අනුව, සේවක අර්ථසාධක අරමුදල් සාමාන්‍ය ප්රතිලාභ අයඳුම්පත් බාර ගැනීම, සේවක අර්ථසාධක අරමුදල් සියයට 30 ප්රතිලාභ අයඳුම්පත් බාර ගැනීම හා සේවක අර්ථසාධක අරමුදල් නිවාස ණය අයඳුම් පත් බාර ගැනීම අත්හිටුවා තිබේ.



