ආනයනික මුඛ ආවරණ සහ විෂබීජ නාශක සඳහා අය ‌කෙරුණු බදු ඉවත් ‌කෙරේ

Share

ආනයනික මුඛ ආවරණ සහ ආනයනික විෂබීජ නාශක සඳහා මෙතෙක් අය කෙරුණු තීරු බද්ද සහ අනෙකුත් බදු අද(18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.

 

රට තුළ ක්‍රියාත්මක සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙළ ශක්තිමත්ව තවදුරටත් ඉදිරියට රැගෙන යාමේ අරමුණෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ලබා දුන් උපදෙස් පරිදි මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව අදාළ ආනයනික භාණ්ඩ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතට යටත් කර ඇත.

Read more

Local News