ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරඟ තීරකයෙක් ලෙස කටයුතු කරන රොෂාන් මහානාම ස්වයං නිරෝධායනයකට ලක්වීමට තීරණය කර ඇත.
පාකිස්තානයේ පැවති පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය අවලංගු කිරීමත් සමඟ එම තරගාවලියට තරග තීරකයෙක් ලෙස එක්ව සිටි ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම අද උදෑසන යළි දිවයිනට පැමිණියේය.
සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් රොෂාන් මහානාම සඳහන් කළේ තමන් ඉදිරි දින කිහිපය තුළ ස්වයං නිරෝධායනකට ලක්වීමට තීරණය කළ අතර අනෙක් පුදග්ලයන්ගෙන්ද නිවසේම රැඳී සිටින ලෙස ඉල්ලා සිටින බවයි.



