මේ වනවිට නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 50 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.
වෛරසය ආසාදනය වී ඇති බවට වන සැකය මත රෝහල්ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන සංඛ්‍යාව 212 ක්.
මේ වනවිට විදේශයන්ගේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානය වෙත පුද්ගලයින් 2258ක් යොමු කර ඇත.
කෙසේවෙතත් විදේශයන්ගේ සිට පැමිණි 1500 – 2000ත් අතර පුද්ගලයින් සංඛ්‍යාවක් නිරෝධායනය සඳහා යොමු නොවී සිටින බවට වාර්තා වෙයි.



