මැතිවරණය කල් දැමීම ප්‍රශංසනීය බව කැෆේ කියයි

Share

මැතිවරණය කල් දැමීම සඳහා මැතිවරණ කොමිසම ගත් තීන්දුව ප්‍රශංසනීය බව කැෆේ සංවිධානය අවධාරණය කරයි.

 

එහි විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන් මහතා පෙන්වා දුන්නේ රටේ පවතින අයහපත් සෞඛ්‍යමය වාතාවරණය මැනවින් වටහා ගැනීම පිළිබඳව මැතිවරණ කොමිසමට ස්තුතිය පළ කළ යුතු බවයි.

පවතින වාතාවරණය මත ජනතාව එක් රැස් වීම නිවෙස්වලින් පිටතට යාම අනතුරුදායක තත්ත්වයක් බව ද සඳහන් කරන ඒ මහතා මෙම තත්ත්වය තුළ මැතිවරණය පැවැත්විය නොහැකි බව සඳහන් කරමින් කැෆේ සංවිධානය ජනාධිපතිවරයා වෙත සහ මැතිවරණ කොමිසම වෙත ඊයේ දිනයේ දී ලිඛිතව ඉල්ලීමක් කළ බව ද පෙන්වා දුන්නේය.

ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට සහ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කිරීමට වඩා ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය වැදගත් බව කැෆේ සංවිධානය වැඩිදුරටත් අවධාරණය කරයි.

Read more

Local News