පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව ‌මෙන්න

Share

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා සහ එහි මහලේකම් නීතීඥ සාගර කාරියවසම් යන මහත්වරුන් අද (19) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණ සිය පක්ෂයේ ජාතික ලැයිස්තුව භාරදුන්නේය.

 

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ නම් 29 කින් සමන්විත ජාතික ලැයිස්තුව ඉදිරිපත් කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති නීතීඥ අලි සබ්රි, යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිඳු කුමාරතුංග, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරුන් මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවට ඇතුළත්ය.

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ පුත් තොරතුරු සන්නිවේදන ඉංජිනේරු යදාමිණි ගුණවර්ධන, හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන්, මහාචාර්ය චරිත හේරත් යන මහත්වරුන්ද ජාතික ලැයිස්තුව නියෝජනය කරයි.

එමෙන්ම බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙපොළ, ටිරාන් අලස්, මොහොමඩ් මුසම්මිල්, ජයන්ත කැටගොඩ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතීඥ සාගර කාරියවසම් යන මහත්ම මහත්මීන්ද ඊට අයත්ය.

Read more

Local News