අයිස් සමඟ අයෙක් අත්අඩංගුවට

Share

පිටිගල පොලිස් වසමේ මහවත්ත ප්‍රදේශයේ දී වලාන දුෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් අයිස් කිලෝග්‍රෑම් 1 යි ග්‍රෑම් 30 ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

 

එහිදී යතුරු පැදියකින් ගමන් කළ පුද්ගලයෙකු නවතා පරීක්ෂා කිරීමේ දී මෙම අයිස් පාර්සලය හමු වී ඇත.

සැකකරු සහ යතුරු පැදිය ද සමඟ අත්අඩංගුවට ගෙන පිටිගල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.

අත්අඩංගුවට පත් සැකකරු වයස අවුරුදු 33 ක් වු බොරළුහේන, පිටිගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අද (20) ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News