ඇඳිරි නීතියට පෙර ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සඳහා කොළඹින් අමතර දුම්රිය හා බස්රථ සේවාවන් යෙදවීමට කටයුතු යොදා ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.
අද පස්වරු 6.00 සිට මුලු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් මෙම තිරණය ගෙන ඇත.
මේ අතර අද පස්වරුවේ සිට ඇදිරි නීතිය අවසන් වන තුරු දුම්රිය සාමාන්‍ය කාලසටහන ක්‍රියාත්මක නොවන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
අද උදෑසන කොළඹට පැමිණි මගී ජනතාවට යළි ගම්බිම් කරා යාම සඳහා ප්‍රධාන මාර්ගය, උතුරු මාර්ගය සහ මුහුදුබඩ මාර්ගයේ අද පස්වරු 3.00 දක්වා දුම්රිය ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක වෙයි.
ඒ අනුව,
කොළඹ – මහනුවර-හැටන් – පස්වරු 4.00
කොළඹ – අනුරාධපුර – පස්වරු 4.00
කොළඹ-කුරුණෑගල – පස්වරු 3.00
කොළඹ-බෙලිඅත්ත – පස්වරු2.30
කොළඹ-මාතර- පස්වරු 3.30



