කොරෝනා නිසා වැඩිම පුද්ගලයින් මියගිය රට ඉතාලිය

Share

චීනයද අභිබවා යමින්, නව කොරෝනා වෛරසයෙන් වැඩිම පුද්ගල සංඛ්‍යාවක් මියගිය රට ලෙස ඉතාලිය පත්ව තිබේ.

 

ඒ ගෙවුණු පැය 24 දී සිදුවූ නව මරණ 427ක් සමග සමස්ත පුද්ගල මරණ සංඛ්‍යාව 3405 දක්වා ඉහළ යාමත් සමඟයි.

එය චීනයේ මියගිය සංඛ්‍යාවට වඩා 157 ක වැඩි අගයකි.

මේ වන විට ලොවපුරා නව කොරෝනා වෛරස අසාදනයෙන් මියගිය සංඛ්‍යාව දසදහස් හාරසියය ඉක්මවා ඇති අතර වාර්තාවී ඇති ආසාදිත සංඛ්‍යාව දෙලක්ෂ පනස්තුන්දහසකට අධිකයි.

චීනයේ වූහාන් නගරයෙන් ඇරඹී ලොව පුරා ව්‍යාප්ත වූ නව කොරෝනා වෛරසය මේ වන විට රටවල් 182ක ව්‍යාප්තව තිබේ.

Read more

Local News