දඹදිව වන්දනාවේ ගිය තවත් පිරිසක් දිවයිනට එයි

Share

දඹදිව වන්දනාවේ ගොස් මෙරටට පැමිණීමට නොහැකිව සිටි වන්දනාකරුවන් 210 ක් ඊයේ (20) රාත්‍රී කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ තිබේ.

 

ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යු.එල්.196 දරණ ගුවන් යානයෙන් එම පිරිස දිවයිනට පැමිණ ඇත.

මොවුන් සියලු දෙනා යුධ හමුදාව විසින් නිරෝධායන කටයුතු සදහා අදාළ මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් ඇති බව සඳහන් ‌වෙයි.

Read more

Local News