COVID 19 ව්‍යාප්ත වු රටවල් ගණන 185ක් දක්වා ඉහළ යයි

Share

නව කොරෝනා වෛරසය මේ වනවිට ලොව පුරා රටවල් 185ක ව්‍යාප්ත වී ඇති බව නවතම වාර්තා පෙන්වා දෙයි.

 

ඒ අනුව සිම්බාබ්වේ සහ පැපුවා නිව්ගිනියාව ඇතුළු රටවල් හතරක, පළමු කොරෝනා ආසාධිතයන් ගත වූ පැය 24 තුළ වාර්තා විය.

චීනයේ වූහාන් නගරයෙන් ඇරඹී ලොව පුරා පැතිරුණු නව කොරෝනා වෛරසය මේ වන විට රටවල් 185 ක ව්‍යාප්තව තිබේ.

ලොවපුරා කොරෝනා වෛරස අසාදනයෙන් මියගිය සංඛ්‍යාව 11,398 ක් දක්වා ඉහළගොස් ඇති අතර මුළු ආසාදිතයින් සංඛ්‍යාව 275,848කට අධිකයි.

කොරෝනා වෛරස ආසාදනයෙන් මේ වනවිට සුවය ලබා ඇති සංඛ්‍යාව 91,533ක් බවත් එම වාර්තා සඳහන් කරයි‍.

Read more

Local News