අනුරාධපුර බන්ධනාගාරය තුළ සිදුවු වෙඩි තැබීමකින් රැඳවූවන් දෙදෙනෙකු මියගොස් තවත් හය දෙනෙකු තුවාල ලබා තිබේ.
ඊයේ (21) පස්වරුවේ බන්ධනාගාරය තුළ එහි රැඳවූවන් විසින් ආරම්භ කළ විරෝධතාවක් මැඩපැවැත්වීමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කිරීමේ දී දෙපාර්ශවය අතර නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත්තේය.
එම අවස්ථාවේ දී රැදවූවන් බන්ධනාගාරයෙන් පළායාමට උත්සාහ දරා ඇති අතර එය වැළැක්වීමට බන්ධනාගාර නිලධාරීන් විසින් වෙඩි තැබීමක් සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළේය.
බන්ධනාගාර රැඳවූවන් සිව්දෙනෙකු තුවාල ලබා අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබයි.
කෙසේවෙතත් සිද්ධියෙන් කිසිදු රැඳවූවෙකු බන්ධනාගාරයෙන් පළාගොස් නොමැති බව පොලීසිය සඳහන් කළේය.



