මෙරටට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකික වන්දනාකරුවන් පිරිසක් රැගත් තවත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් අද (22) අළුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.
මෙම පිරිස අද අළුයම 03.2ට ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 126 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
එම ගුවන් යානයෙන් පිරිමි වන්දනාකරුවන් 28 දෙනෙක් ද, ගැහැනු වන්දනාකරුවන් 69 දෙනෙකු සහ එක් කුඩා දරුවෙකු ද ඇතුළත් 98 දෙනෙකුගෙන් සමන්විත වන්දනාකරුවන් පිරිසක් පැමිණ සිටි බව වාර්තා වෙයි.
මෙම පිරිස නීරෝධායන කටයුතු සදහා ශ්‍රී ලංකා යුද හමුදාව බස් රථ යොදා ගෙන නියමිත මධ්‍යස්ථාන වෙත රැගෙන යෑම සිදු කෙරුණි.