කොළඹ, ගම්පහ, පුත්තලම සහ උතුරට හෙට උදේ 6 සිට 12 තෙක් ඇඳිරි නීතිය ඉවතට

Share

කොළඹ, ගම්පහ, පුත්තලම යන දිස්ත්‍රික්ක 03 සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 තුළ දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට (24) උදෑසන 6ට ඉවත් කිරීමට නියමිතයි.

 

කෙසේවෙතත් හෙට දහවල් 12ට එම ඇඳිරි නීතිය නැවත පැනවීමෙන් පසු එළැඹෙන සිකුරාදා උදෑසන 06 දක්වා බලපැවැත්වෙන බව ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි.

එමෙන්ම දිවයිනේ සියලු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයද සම්පූර්ණයෙන් තහනම් කර ඇති බව ජනාධිපති කාර්යාලය ප්‍රකාශ කළේය.

Read more

Local News