යතුරු පැදි අනතුරකින් දෙදෙනෙක් ජිවිතක්ෂයට

Share

ඇහැළියගොඩ ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

 

ඇහැළියගොඩ දෙස සිට දෙහිඕවිට දෙසට ධාවනය වු යතුරු පැදියක් එම දිශාවටම ගමන් කළ තවත් යතුරු පැදියක පිටුපස ගැටී පෙරළියාමෙන් මෙම අනතුර සිදුව තිබේ.

අනතුරින් බරපතල තුවාල ලැබු යතුරුපැදි දෙකේ හි ගමන් කළ පැදිකරුවන් දෙදෙනා සහ පසු පැදිකරුවන් දෙදෙනා අවිස්සාවේල්ල සහ කරවනැල්ල රෝහල් වෙත ඇතුළත් කිරිමේදි ඉන් දෙදෙනෙකු මියගොස්  ඇතිබව පොලිසිය සදහන් කළේය.

මියගොස් ඇත්තේ 26 සහ 30 හැවිරිදි වියෙහි පසුවන යෝගම හා දෙහිඕවිට ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.

අනතුර සම්බන්ධයෙන් ඇහැළියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read more

Local News