මහජන පැමිණිලි සඳහා මහජන සම්බන්ධතා අංශය පැය 24ම විවෘතව තැබීමට පියවර

Share

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි පවතින තත්ත්වය පදනම් කර ගනිමින් ජනතා පැමිණිලි භාර ගැනීම සඳහා ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය පැය 24ම විවෘතව තැබීමට පියවර ගෙන තිබේ.

 

රජය ලබා දෙන නියෝග ක්‍රියාත්මක නොවීම හෝ මහජනතාව අපහසුතාවට පත්වන ආකාරයේ ක්‍රියාකාරකම් පිළිබඳව හෝ පැමිණිලි දුරකථන අංක 011-2354550 / 0112354655  ඔස්සේ ඉදිරිපත් කළ හැකිය.

එම දුරකථන අංක ඔස්සේ සම්බන්ධ විය නොහැකි වුවහොත් ජනාධිපති කාර්යාලයේ ඝෘජු දුරකථන අංක, 0112354354 අමතා – දිගු අංක3872/ 3873/ 3874/ 3875 ඔස්සේ සම්බන්ධ විය හැක.

කපිල ගුණසිංහ, අධ්‍යක්ෂ, මහජන සම්බන්ධතා අංශය දුරකථන අංක (077-3743718) අංකයට ද පැමිණිලි ඉදිරිපත් කළ හැක.

කොරෝනා වෛරසය පැතිරයාම ආශ්‍රිත දැනුම් දීම් සඳහා දුරකථන අංක 0112860003 / 0112860004 විවෘතව තැබේ.

0112354354අමතා දිගු අංක3355 ඔස්සේ ද එම තොරතුරු ඉදිරිපත් කළ හැක.

ජනතාව ලබාදෙන තොරතුරු අදාළ අංශ වෙත කඩිනමින් යොමු කිරීමට පියවර ගන්නා බවත් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ජනාධිපතිතුමා දෙන නියෝග හා උපදෙස් ක්‍රියාත්මක නොවීම් සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් ද සිදු කෙරෙන බවද එම ‍නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

Read more

Local News